Tuesday, December 28, 2010

කෝපි පේස්ට් කරන්නේ නැතුවම සින්හලෙන් ටයිප් කරමුද?

මම කලින් පොස්ට් එකේදී කිව්වනේ ගුගල් ට්‍රාන්ස්ලටෙර් එක ගැන. එකේදී අපිට කොපි පේස්ට් කරන්න ඕනිනේ. එත් දැන් කියන්න යන ක්‍රමයේදී එහෙම ඕනිත් නැ. ඒ උනාට මේකත් ගුගල් ගේ වැඩක්ම තමයි.
මේකට ඉස්සෙල්ලාම අපේ පරිගණකයේ language format එක සිංහලට හදල ඉන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි.
Control Panel\Clock, Language, and Region ගිහින් region and language තෝරන්න. එතකොට මේ වගේ පෙට්ටියක් පෙනේවි. එකේ format එක  sinhala(sri lanka) තෝරන්න.

දැන් ඔයාලට task bar එකේ මෙහෙම දෙයක් පෙනෙයි. එක ක්ලික් කරලා Sl (sri lanka) තෝරන්න.
ඊට පස්සේ ඔයාලට පොඩි දෙයක් download කරලා  install කරගන්න ඕනේ. ඒ සදහා මෙතන ඔබන්න. එකෙන් dowlnoad කරලා  install කරන්ගන්නකෝ. ඊට පස්සේ task bar එකේ පහත පෙන්වල තියෙන තැනට  ගහින් එකේ Google sinhale input කියන එක තොරන්නකෝ. 

දැන් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නේ word processor එකේ හරි  web browser එකේ හරි අපි දන්නා  විදිහට ටයිප් කරන්න තමයි. ඒ කියන්නේ අපි කෙටි පණිවිඩ යවන්න සිංග්ලිෂ් තියෙන්නේ. එන්න ඒ විදිහට  ටයිප් කරන්න තමයි තියෙන්නේ. මේක  folder නම් කරන්නත් යොදා ගන්න පුළුවන්.
සිංහලෙන් ටයිප් කරන්න මේක හරි ලේසි ක්‍රමයක්. ඔයාලත් කරලා බලන්නකෝ.
මම අපේ ටික්කට ස්තුතියි කියන්න ඕනේ. මොකද එයාගෙන් තමයි මත මේක දැනගත්තේ. 

No comments:

Post a Comment