Thursday, March 31, 2011

සිංහලෙන් PHP ඉගෙන ගමුද? (Learn PHP in sinhala)

මුලින්ම බලමු PHP කියන්නේ මොකක්ද කියල. PHP කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න උදව් වන කේතන බෂාවක්(Programming language). මෙය server side වෙබ් අඩවි නිර්මාණය කිරීමට තමයි යොදා ගන්නේ.තවත් ආකාරයකට කිව්වොත් dynamic වෙබ් අඩවි නිර්මාණය කරන්න තමයි PHP යොදා ගන්නේ.ඒ කියන්නේ දත්ත හුවමාරු කරන වෙබ් අඩවි වලදී බොහෝ විට යොදා ගන්නේ PHP තමයි.මෙහිදී ගොඩක් වෙලාවට databases එහෙම භාවිත වෙනවා.ඒ නිසා ඒ නිසා ඔයාලට  databases ගැනත් පොඩි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා මේ ටික කියෙව්වම.  PHP දැනගෙන ඉන්න එක හොදයි කියල හිතුනා .

මුලින්ම මේකට අදාල මෘදුකාංග ගැන කියන්නම්.ඊළගට පල කරන පොස්ට් වලින් බලමු අපි කොහොමද PHP වලින් වැඩ කරන්නේ කියල.

අපිට databases හදාගන්න ඕනි වෙන මෘදුකාංගයක් තියනව.එක download කරගෙන මේ වැඩ කරන එක ගොඩක් ලේසි.ඒ නිසා පහල තියන ලින්ක් එකට ගිහින් ඒ මෘදුකාංගය download කර ගන්න.මේ මෘදුකාංගයේ නම තමයි wamp sever.
http://www.wampserver.com/en/download.php
එක download කරලා install කරගන්නකො.එක සාමාන්යෙන් C drive එකේ wamp කියල ෆෝල්ඩර් එකක් හැදිලා තියෙයි.ඊට පස්සේ wamp sever එක රන් කරන්න.එතකොට task bar එකේ පහත ආකාරයේ icon එකක් දකින්න ලබෙයි.එක උඩ click කරම පහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.

මෙහිදී අපේ මැෂින් එකේ Apache server එකයි  PHP හා  MySQL යන 3 ම  configure වෙනවා.ඒ නිසා අපට manually configure කරන්න අවශ්‍ය වන්නේ නැ. මහිදී අපේ මැෂින් එකම server එකක් විදිහට වැඩ කරනවා. ඉහතින් ලැබුණු වින්ඩෝ එකේ Localhost click කරාම ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ Localhost දිග හැරෙයි.ඒ වගේම  PHPMyadminn click කරාම අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන database හද ගන්නා අවශ්‍ය වන වින්ඩෝ එක ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ දක්නට ලැබෙයි.
මීලග පොස්ට් ඒකෙන බලමු සරල login page එකක් කොහොමද හදාගන්නේ කියල. මේ ලිපිය දැනට ඉවර කරනවා එහෙනම්.

2 comments:

  1. දිගටම කරගෙන යමු...

    ReplyDelete
  2. අනේ මේකෙ ඉතිරි ටිකත් දාන්නකෝ....
    ගොඩාක් වටින සරළව තියෙනවා....

    ReplyDelete